මාගේ ප්‍රියතම විනෝදාශය ඡායාරූප ශිල්පයයි.
මා එය තනිවම හදාරමින් සිටින කෙනෙක්.
මේ ඡායාරූපවලට ඔබ දක්වන ගුණ දොස් මගේ දියුනුවට ඉතාමත් මහෝපකාරී වනු ඇත




නිල් කටරොඩු




සෝමතිලක ජයමහ කියන ගායන ශිල්පියගෙ ඉතාම ලස්සන ගීතයක් තියනවා "නිල් කටරොඩු මල්ගොමුවේ පැණි උරනා සමණලයෙක් " කියලා.මේ ෆොටෝ එක දකිද්දි මට ඒ ගීතය මතක් වෙනවා.ඉස්සරම අපේ වත්තෙත් මේ මල් තිබුනා.දැන් නම් හොයගන්න හරි අමාරුයි.

Model: NIKON D60
Shutter Sped: 10/400 sec
F-Stop: f/5.6
Max Aperture Value: f/5.6
ISO Speed: 200
Focal Length: 55 mm

3 comments:

Madhawa Habarakada said...

ඡායාරූපයකට හොඳ මාතෘකාවක්, නමුත් මේ ඡායාරූපය නම් එතරම්ම ඉහළ තත්වයේ නෑ. ඔබ මල ස්ථානගත කරල තියෙන තැන නම් හරි නෑ. සාමානයයෙන් මෙවැනි ඡායාරූපයකදී, වස්තුව එහි මුහුණත තිබෙන කෝණය අනුව, රාමුවේ වමට හෝ දකුණට බරව තමයි ස්ථානගත කරන්න ඕනෙ. පොඩ්ඩක් බලන්නකො මල් වගේ දේවල් තිබෙන ලස්සන wallpapers වල ඒ වස්තු ස්ථානගත කරල තියෙන හැටි.
මල ස්ථානගත කළ යුහ්තේ one third rule එකට අනුව සහ/හෝ Golden Ratio එකට අදාල විදිහට, එතකොට තමයි ඡායාරූපය ලස්සන වෙන්නෙත් සහ එහි ඇති ප්‍රධානම වස්තුව කැපිල පේන්නෙත්. උදාහරණෙකට ඔයාගෙ අර හඳ සහිත ඡායාරූපය, ඒක නම් ඉස්තරම්.

ප්‍රියන්ත කරුණාරත්න said...

ඔබේ අදහස් මට ඉතාම වටිනවා..මේ මල අරගෙන ටික දවසකට පස්සෙ තමයි මම එ හඳේ ෆොටෝ එක ගත්තෙ.ඒ වෙනකොට මම ඒ ගැන දැනුවත් වෙලා තිබුනා.ඔබට ඉතාමත් ස්තුතියි.ඉදිරියෙදිත් මේ විදියෙන් අඩු පාඩු පෙන්නාදෙන මෙන් ඉල්ලනවා.

හෙළයා said...

සහෝදරයා Photoshop ටිකක් පාවිච්චි කරලා කටරොළු මල වටේ පරිසරය ටිකක් blur කරලා දැම්මොත් හොදයි වගේ කියලා හිතෙන්නේ නැද්ද..?

Post a Comment