මාගේ ප්‍රියතම විනෝදාශය ඡායාරූප ශිල්පයයි.
මා එය තනිවම හදාරමින් සිටින කෙනෙක්.
මේ ඡායාරූපවලට ඔබ දක්වන ගුණ දොස් මගේ දියුනුවට ඉතාමත් මහෝපකාරී වනු ඇත




අට පෙතියා




මෙන්න මේ මල නම් අපේ ගෙදර වත්තෙන්.වෙනස් දෙයක් ගන්න ගෙදරින් පිට අයන්න වෙලාවක් නොලැබුන හින්දා මේ මල ගන්න හිතුවා.ඉන්ද්‍රනාථ මහත්තයා නිසා මටත් දැන් පැනොරාමා පිස්සුවක් ගහලා තියෙන්නෙ.අත්හදා බලන්නත් එක්කම ලඟදිම පොඩි උත්සහයක් ගන්නයි ඉන්නෙ.බලමු බලමු...

Model: NIKON D60
Shutter Sped: 1/160 sec
F-Stop: f/10
Max Aperture Value: f/5.3
ISO Speed: 400
Focal Length: 45 mm
Read more

රතු මලක්



පසුගිය දවසක නුවර පැත්තෙ ඥාති නිවසකට ගියා.ඒ ගෙදර මිදුලෙ තිබුන මලක් තමයි මේ.නම නම් මොකක්ද කියලා මම දන්නෙ නෑ.දන්න කෙනෙක් කියල දුන්නොත් ගොඩක් වටිනවා.ආසාව තිබුනට ඡායාරූප කරණයේ යෙදෙන්න වෙලාව තමා නැත්තෙ.කොහොම හරි ඒකටත් වෙලාව වෙන් කරගන්න ඔනේ

Model: NIKON D60
Shutter Sped: 1/50 sec
F-Stop: f/5.6
Max Aperture Value: f/5.6
ISO Speed: 400
Focal Length: 55 mm
Read more