මාගේ ප්‍රියතම විනෝදාශය ඡායාරූප ශිල්පයයි.
මා එය තනිවම හදාරමින් සිටින කෙනෙක්.
මේ ඡායාරූපවලට ඔබ දක්වන ගුණ දොස් මගේ දියුනුවට ඉතාමත් මහෝපකාරී වනු ඇත




කුච්චවේලි වෙරල



Model: NIKON D60
Shutter Sped: 1/200 sec
F-Stop: f/20
Max Aperture Value: f/5.7
ISO Speed: 400
Focal Length: 55 mm

පසුගිය දවසක ත්‍රීකුණාමලේ ගියානෙ. ෆොටෝ ටිකක් ගන්න අවස්ථාවක් ලැබුනා.මේ කුච්චවේලි වෙරල.පැනොරාමා ගැන මම මෙලෝ දෙයක් දැනගෙන හිටියෙ නෑ.ඉන්ද්‍රනාථ සර්ගේ පැනොරාමා ෆොටෝ මුලින්ම දැක්කෙ මූණු පොතෙන්.එතුමා පැනොරාමා ප්‍රදර්ශනයකුත් කලානෙ.මට නම් යන්න උනේ නෑ.මමත් මේ ගැන තොරතුරු හොයලා අත්හදා බලන්න හිතුවා.මේක මගෙ මුල්ම පැනොරාමා එක.මෙතන එකිනෙක බැඳුන ෆොටෝ 5ක් තියනවා.මුහුදු රළ මොහොතින් මොහොත වෙනස් වෙන නිසා එකිනෙක සම්බන්ද කිරීම ගැටලු සහිතයි.

මූණු පොතෙන්න් ඉන්ද්‍රනාථ සර් මට මෙකෙ අඩු පාඩු පෙන්න්ල දුන්නා.ඒක
මෙතනින් බලන්න.

ඉන්ද්‍රනාථ සර්ගේ ප්‍රදර්ශනේ ෆොටෝ
මෙතනින් බලන්න

6 comments:

හෙළයා said...

හොඳ ආරම්භයක් කියලා හිතෙනවා. මාත් ඔය වෙරළට ගිහින් තියනවා. පැනෝරමික් ෆොටෝග්‍රැෆි තමා එතන්ට වඩාත් ගැලපෙන්නේ කියලයි හිතෙන්නේ

ප්‍රියන්ත කරුණාරත්න said...

@ හෙළයා
බොහොම ස්තුතියි..

Hasitha Gunasinghe said...

නියමයි අයියා.. ඔහොම යන් ඔහොම යන්......

ප්‍රියන්ත කරුණාරත්න said...

@ Hasitha
බොහොම ස්තුතියි

ibm said...

දිගටම කරගෙන යන්න සුබ පතනවා...

SL Photography said...

දිගටම කරගෙන යනවා නම් මරු.. SL Photography Forum එකටත් ඔයාලගේ Photos දාන්න​, අඩවි එකතු කරන්න​, සාකච්චාවන් කරන්න​.

Post a Comment